බංඩා රට අවා වාගේ ...
ඉතින් ඔන්න උදේ පාන්දර නැගිට්ටා. අම්මට සිරි අපු රට බලාගන්නත් උනා නොවැ. හොදටම වහිනෝ. සීතලත් තියෙනවා.කොහේ බලන්නද. අමිල අයියයි , අක්කයි මාව උදෙන්ම බලන්න ආවා. හොද කෑම එකක් දීලා එහෙම ගියා. උයන්න දන්නේ නෑ නේ තාම. කොහොම හරි හවස් වෙනකන් හිටියා. අයියලා අවා මාව සුපර් මාර්කට් එක්කන් යන්න හවස. ගියාට පස්සේ සුපර් මාර්කට් එක දැකලා මට නිකන් හොල්මන් වගේ. පට්ට ලොකුයි. බඩු ගොඩයී. ඒ එදා විතරයි හැබැයි එහෙම හිතුනේ. ගන්න දෙයක් කියල හිතාගන්න නං බැරි උනා. හැබැයි මෙහෙ අඩු වියදමින් ජීවත් වෙන්න ඕනේ කියන දේ ඔලුවේ වැඩ කරනෝ. සල්ලි නෑ නොවැ. ඔය ටිකක් ඇවිදගෙන යද්දී දැක්කා Pasta පැකට් එකක්. එකේ ගහල තියෙනවා Budget කියලා. ඉතින් නමේ හැටියටම budget එකට හරියන්නේ එක. පස්සේ ඇවිල්ලා බලන්න ඕනේ කියල එදා පැස්ටා ටින් එකක් ගත්තා. ඉරිදා හොද එලිය තිබ්බ දවසක්. එලිය බලන්න යන්න ඔනේ කියලා හිතුනා. එදා මම 30Km හොදට අවිද්දා ආපු රට බලාගන්න. ගෙදර ආවෙ ආපු පාරෙ මතකයෙන්. ෆොන් එකත් ඔෆ් වෙලා. ගෙදර තියෙන තෑනත් මතක නෑ. ලංකාවෙන් ගෙනාව හාල් වගයක් තිබ්බා. කොහම හරි සතියක් දෙකක් විතර එක කාල ජීවත් උනා. පරිප්පු කාල තිබ්බට හදල නෑ නේ. ඉත...