වියදම් එහෙම කොහොමද?

නවසීලන්තය තරමක් දුරට ජීවත් වෙන්න වියදම් කරන්න ඔනේ රටක්.

මුලික වියදම්. ඉන්න තැනක්, කන්න බොන්න. ගමන් ගාස්තු.
  
පහත සියලුම වියදම් සතියකට බව කරුනාවෙන් සලකන්න.

ඉන්න තැන් නම් එක එක විදියට තියෙනවා. (flatmates-wanted)

  • රූම් එකක් ගෙදරක ගන්න පුලුවන්. $130-180 අතර ප්‍රමානයක් සතියට වියද්ම් වේයි.
  • කාමරක් බෙදාගෙන ඉන්න පුලුවන්. එකට $100-$120 අතර ගානක් යයි.
  • ඉලගට ඇදක් විතරක් අරගෙන ඉන්න පුලුවන්. අපි බන්ක් බෙඩ් කියන්නෙ. අන්න ඒ ජාතියේ. $100-$120  (nzherald article)
  • සමහර ගෙවල් තියෙනවා කන්නයි ඉන්න තැනටයි(shared room ) $150-$160
     
කන්න බොන්න

කන්න බොන්න සතියකට යන වියදම වැඩි. එකට $30-60 අතර ප්‍රමානයක් යයි. ඒ ගෙදර උයාගෙන කැවොත් තමයි.  එලියෙන් $5 මීල් ඩීල් මැක් එකේ ,බගර් කින්ග්, Pizza hut, Domino's එකේ තියනවා.

පොඩි කට්ටක් කැවනම් ඉතින් $15 ඉන්න පුලුවන්. ඒ ඉතින් එකම දේ කාලා තමයි. Budget, PAMs කියන  බ්‍රැන්ඩ් එකෙන් තියෙන දෙවල් ගොඩක් අඩුයි. Pak N save කියන්නෙ මෙහෙ ලංකාවේ ෆුඩ් සිටි එක වගේ. ඔයිට අමතරව spice land ,senrandib කියන්නෙ ලංකාවෙ බඩු ගන්න පුලුවන් කඩ දෙකක් තමයි.  මෙචරයි මන් දන්නෙ තාම Auckland වල.

ගමන් ගාස්තු 

ගමන් ගාස්තු ටිකක් වැඩි. වාහනයක් අරගෙන පෙට්‍රොල් ගහලා යන එක ලාබයි. කි.මි 13ක් යන්න $5ක් යන්වා.
 මෙහෙ ටොප් අප් කාඩ් එකක්(AT HOP) තියෙන්වා. එකට් ඩිස්කවුන්ට් ලැබෙනවා. එක ගන්න එක වැදගත්. student ආවා නම් ඩිස්කවුන්ට් එක ඒ කාඩ් එකට අරගන්න පුලුවන්. එක බ්‍රිටොමාර්ට් එකෙන් කරගන්න ඔනේ මන් දන්න විදියට. මෙක ඉගෙන ගන්න ආපු දවසෙම් ඔයගොල්ලොට කියයි කොහොමද කරන්න ඔනෙ කියලා.


වැඩි විස්තර කියවලා බලන්න.

  1. https://www.expatistan.com/cost-of-living/auckland
  2. https://www.newzealandnow.govt.nz/living-in-nz/money-tax/comparable-living-costs
  3.  http://www.numbeo.com/cost-of-living/country_result.jsp?country=New+Zealand
  4. http://www.careers.govt.nz/jobs-database/whats-happening-in-the-job-market/who-earns-what/









Comments

Popular posts from this blog

ජෝබ් හොයන හැටි

IT ජොබ් එකකට යද්දී හම්බ වෙන exam